පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේ සූදානමක්

Covid-19 අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශ සහ අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජාතික වැඩපිළිවෙලක් යටතේ පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.