පොදු ප්‍රවාහන සේවයට අදාළව නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරන බස්රථ රියදුරන් සහයකයින් හෝ හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග
නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මගින් පොදු ප්‍රවාහන සේවයට අදාළව නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරන බස්රථ රියදුරන් සහයකයින් හෝ හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා.
එම ආඥාපනතේ ප්‍රතිපාදන අනුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පොදු ප්‍රවාහනයේදි ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු අතර බස්රථය ධාවනය වන අවස්ථාවේ කිසිදු පුද්ගලයෙකු සිටගෙන ගමන් කිරිම නොකළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඒ අනුව අදාළ නියෝගයට පටහැනිව කටයුතු කරන බස් රථ සේවකයින් හෝ හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමේ හැකියාව පවතින බව අජිත් රෝහණ මහතා සදහන් කළා.