බත්තරමුල්ල, පැලවත, අකුරේගොඩ යන ප්‍රදේශවලට රාත්‍රීයේ ජලය කප්පාදුවක්

November 28, 2020 at 10:41 am | LankaTAB
බත්තරමුල්ල, පැලවත, අකුරේගොඩ යන ප්‍රදේශවලට රාත්‍රීයේ ජලය කප්පාදුවක්

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද රාත්‍රී 09.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාත්‍රී 09.00 සිට හෙට උදෑසන 09.00 දක්වා අදාල දේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

Leave a Comment

Related News