බන්ධනාගාර කොවිඩ් පොකුරේ 3000 ආසන්න පිරිසක් මේ වන විට සුවය ලබයි.
බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගෙන් 3000කට ආසන්න පිරිසක් මේ වන විට සුවය ලබා ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසනවා.
සමස්ත ආසාදිතයින්ගෙන් 2962 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර රැඳවූවන් 2850 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 112 දෙනෙකු ඒ අතර වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
බන්ධනාගාර ආශ්රයෙන් මේ දක්වා වාර්තා වී ඇති Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 3615 දෙනෙකු වන අතර බන්ධනාගාර නිලධාරීන් 121 දෙනෙකු වන බව සඳහන්.
වෛරසය ව්‍යාප්ත වූ බන්ධනාගාර අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 827ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.