බස්නාහිර පළාතෙන් පිටවීමට පැනවූ තහනම අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරිම සඳහා පනවා තිබු සංචරණ තහනම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරී වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් වසම් 12ට අමතරව තවත් පොලිස් වසම් 05ක් හෙට අලුයම පහේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා