බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද සිට
ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල්හි අධ්‍යයන කටයුතු අද ආරම්භ වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කරන ලෙස සියලු දහම් පාසල් වෙත දැනුම් දි ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවා.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන්කළේ, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසිය සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අධික්ෂණ කටයුතු සිදුකරන බවයි.