“බුරවි“ සුළි කුණාටුව ගැන තවදුරටත් අවදානයෙන් සිටින්න – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
“බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරනවා.
ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකක වාර්තා කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ නමුත් සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඊයේ (02) රාත්‍රී 10.30 – 11.30 ත් අතර සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු වී ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.