මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම්

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කොට තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා, ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කළ බවයි.