මහනුවර මහා රෝහලේ 15 දෙනෙකුට Covid-19 ආසාදනය වේ.

November 28, 2020 at 6:13 pm | LankaTAB
මහනුවර මහා රෝහලේ 15 දෙනෙකුට Covid-19 ආසාදනය වේ.

මහනුවර මහා රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තවත් 15 දෙනෙකුට Covid-19 ආසාදනය වි තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ වෛද්‍යවරයෙකු සහ හෙද කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු ද ඒ අතර වන බවයි.

රෝහලේ උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගැනිමත් සමග එම ඒකකයේ සිදුකළ PCR පරික්ෂණවලදි මෙලෙස තවත් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගැණුනු බව වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කියා සිටියා.

පවතින තත්වය හමුවේ රෝහලේ උගුර කණ නාසය සායනය වසා දැමිමට සහ එම ප්‍රතිකාර ඒකකයට රෝගින් ඇතුළත් කර ගැනිම තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Comment

Related News