මහනුවර වසා තැබුණු පාසල් 42ක් අද සිට නැවත ආරම්භ කෙරේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා සඳහන් කළේ කෙසේ වෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බවයි.
මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන Covid-19 සාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක අධ්‍යයන කටයුතු පසුගිය සතිය තුළ නතර කෙරුණා.
මේ වනවිට මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාසල් 42ක් අද දිනයේ සිට විවෘත කිරීමට තීරණය කළ බව ලලිත් යූ. ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.