මහර බන්ධනාගාරයේ නොසන්සුන් තාවය පාලනයට පියවර – 06 දෙනෙකුගේ සිරුරු රෝහලට
මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙනවා.
මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 35 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.