මහර බන්ධනාගාර සිදුවීමෙන් මියගිය රැඳවූවන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී සිද්ධියෙන් මියගිය තවත් රැඳවූවන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබෙනවා.
එම මළ සිරුරු ආදාහනය කරන්නේද නැතහොත් භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් ලබන 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර
අදාල සිද්ධියෙන් මියගිය රැඳවූවන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පසුගිය 16 වනදා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ එම මළ සිරුරු ආදාහනය කරන ලෙසයි.
මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී සිද්ධියෙන් රැඳවූවන් 11 දෙනෙකු මියගිය අතර ඉන් 8 දෙනෙකුම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හදුනාගැනුණා.