මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉවත් කරයි.
ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව ඒකපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ අතර ඊට අදාල වගඋත්තරකරුවන්ගේ සාක්ෂි, ලේඛන සහ ලිඛිත සැළ කිරීම් සලකා බැලීමෙන් අනතුරුව එම නිරීක්ෂණ ආණ්ඩුකාරවරයා වෙත පසුගිය 24 වනදා භාර දී තිබෙනවා.
එහි නිරීක්ෂණ සහ නිගමන සැලකිල්ලට ගනිමින් මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා සදහන් කළේ.