මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම් වලට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද දහවල් සිට හුදෙකලා කෙරේ.

January 17, 2021 at 3:50 pm | LankaTAB
මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම් වලට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද දහවල් සිට හුදෙකලා කෙරේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර සහ බටහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කිරිමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ.

මාතලේ පොලිස් වසමට අයත් වරකාමුර, මීදෙනිය ග්‍රාම නිලධාරි වසම් මෙන්ම දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාත්තාව ගම්මානය ද මේ මොහෙතේ සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරිමට පියවර ගෙන තිබෙනවා.

Leave a Comment

Related News