මිනුවන්ගොඩ Covid-19 පොකුර 10000 සීමාවට

November 10, 2020 at 9:30 am | LankaTAB
මිනුවන්ගොඩ Covid-19 පොකුර 10000 සීමාවට

ඊයේ (09) දිනයේ දී මෙරටින් COVID-19 ආසාදිතයින් 356 දෙනෙක් වාර්තා විය. ඒ සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,285 ක් වේ.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කලේ  අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 10,807ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳෙපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,759 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

Leave a Comment

Related News