මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි තවත් ශ්‍රී ලාංකිකයන් 547 දෙනෙකු දිවයිනට
කටාර් ,ජපානය, ජර්මනිය, මාලි, ඉතාලිය, එංගලන්තය, ඕමානය, බංගලාදේශය,චීනය,ඉතියෝපියාව සහ ඩුබායි යන රටවල සිට පුද්ගලයින් 547 දෙනෙකු පැමිණි බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණයන්ට ලක්කිරිමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.
ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 80 ක් තුළ පුද්ගලයින් 6,536 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.