මෙරටින් තවත් Covid-19 ආසාදිත මරණ දෙකක්
මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් මරණ 02 ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එලෙස මියගොස් ඇත්තේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනිමෙන් පසු මුල්ලේරියාව මුලික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙෙනක්.
කොළඹ 12 ප්‍රෙද්ශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් මෙලස මියගොස් ඇති එක් අයෙකු වන අතර ඔහුගේ මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගය සමග කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ කොවිඩ් නයින්ටීන් නිව්මෝනියාව සමග ද්විතීක බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන්.
ඔහු මීගොඩ ප්‍රෙද්ශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව 48 ක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළේ.