මෙරට ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ.
මේ වනවිට මෙරට තුළ ආර්ථික මධ්‍යස්ථාන 16ක් ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගනිමින් ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා මෙම මාර්ගෝපදේශ හඳුන්වා දුන් බවයි.
ඒ අනුව සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම Covid-19 මර්ධන කටයුතු සදහා එම මධ්‍යස්ථානයට ආවේනික සැලැස්මක් සකස් කළ යුතු වනවා.
ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරතුරුවම පිරිසිදුව පවත්වාගෙන යායුතු අතර
එම පරිශ්‍රය තුළ බුලත් කෑම ,දුම් බීම, කෙළ ගැසීම නොකළ යුතු වනවා.
එමෙන්ම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යායුතු අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් අහඹුලෙස PCR පරීක්ෂණ වලට ලක්කළ යුතු වනවා.