මෙරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන Covid-19 ආසාදිතයින්ගේ අඩුවීමක්.

මෙරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 4814 දෙනෙකු දක්වා අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඔවුන් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 52ක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අද දිනයේ තවත් ආසාදිතයින් 293 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යා 11,324 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
COVID-19 වෛරසය ව්‍යාසප්තිය ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16,191 ක්.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 4921 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 4829 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 593 දෙනෙකු වාර්තා වී තිබෙනවා.