මෙරට Covid-19 ආසාධිත මරණ ප්‍රමාණය 99 දක්වා ඉහළට

November 27, 2020 at 8:12 am | LankaTAB
මෙරට Covid-19 ආසාධිත මරණ ප්‍රමාණය 99 දක්වා ඉහළට

තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින රාත්‍රියේ තහවුරු කිරීමත් සමඟ මෙරට Covid-19 ආසාධිතව මියගිය සමස්ත ගණන 99 දක්වා ඉහළ යනවා.

කොළඹ 08 ප්‍රදේශයේ සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.

Leave a Comment

Related News