මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට සිට යළි විවෘත වේ.

November 23, 2020 at 4:00 pm | LankaTAB
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට  සිට යළි විවෘත වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට (24) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව සේවාලාභීන් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව කාර්යාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ප්‍රධාන කාර්යාලය විවෘත කළ ද එමඟින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත පමණක් සිදුකෙරේ.

ඒ අනුව අද (23) සිට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පහත සඳහන් දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මීට අමතරව යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල මඟින් වාහන පැවරීමට අදාළ සේවාවන් තවදුරටත් පවත්වා ගෙන යන බැවින් ආසන්න කාර්යාලයක් මඟින් ජනතාවට සේවා ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

විමසීම් කළ යුතු දුරකථන අංක පහතින් දැක්වේ.

Leave a Comment

Related News