මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් වහාම ස්ථාන මාරු කෙරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, ජනතාවගෙන් ලැබුණු අල්ලස් සම්බන්ධ පැමිණිලි සැළකිල්ලට ගනිමින් අදාළ ස්ථාන මාරුවීම් සිදුකළ බවයි.