රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩ පිරිත් සජ්ජායනයක්.
රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ ආරම්භ කෙරිණ.
ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධාන කිරීමේ අරමුණ ඇතිව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පිංකම සංවිධාන කෙරිණ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රි කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පූජ්‍ය පහලවිටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 200 නමක් එක් වෙයි.