රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල විභාගය ජනවාරි 12 වනදා
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලට අදාළ වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ජනවාරි 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ මෝසමකට අනුව පැමිණිල්ල අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරයි රාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මන්ත්‍රිවරයා විසින් 2017 වසරේ අගෝස්තු මස 21 වන දා අරලියගහ මන්දිරයේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වමින් මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා.
එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මන්ත්‍රිවරයා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ හෙලීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ල විසින් චෝදනා කර තිබෙනවා.