රාජ්‍ය අමාත්‍යාංශ 39ක් සදහා ලේකම්වරුන් පත් කෙරේ
රාජ්‍ය අමාත්‍යාංශ 39 ක් සදහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර නොවැම්බර් මස 25 වන දින සිට එම පත්වීම් වලංගු වනු ඇති.
ඒ අනුව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත්කර ඇති අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී.ජී. කුමාරසිරි මහතාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.සී. කරුණාරත්න මහත්මියත්, ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්.උඩුවාවල මහතාත් පත් කර තිබෙනවා.