රාමඤ්ඤ මහා නිකායේ 14 වැනි මහ නාහිමියන් ලෙසින් අතිපූජ්‍ය මකුලෑවේ විමල අනුනායක හිමියන් පත් කරේ.

රාමඤ්ඤ මහානිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපූජ්‍ය මකුලෑවේ විමල අනුනායක හිමියන් පත්කළ බව එම නිකායේ මහ ලේඛකාධිකාරී හිමියන් ප්‍රකාශ කලා.
ඒ රාමඤ්ඤ මහා නිකායේ 14 වැනි මහ නාහිමියන් ලෙසින්
රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු එම ධුරය සඳහා අද පෙරවරුවේ අතිපූජ්‍ය මකුලෑවේ විමල අනුනායක හිමියන් පත්කර තිබෙනවා.