ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 100 දෙනෙකු අද දිවයිනට
සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස්, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද නැවත මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු, සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42 දෙනෙකු ද මේ ආකාරයට පැමිණ තිබුණා.
එමෙන්ම මෙම පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලාංකිකයින් 221 දෙනෙක් රැකියා, ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වී තිබුණා.