ලබන වසර සදහා වන පාසල් වාරය ජනවාරි මස 11 වෙනිදා
මෙම වර්ෂයට නියමිත විෂය නිර්දේශ ආවරණය වී නොමැතිනම් ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කර එම කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සදහන් කළේ, මේ සම්බන්ධයෙන් සියලු පළාත් බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි.
මෙම වර්ෂයේ තුන්වන පාසල් වාරය ඊයේ දිනෙන් අවසන් වූ අතර ලබන වසර සදහා වන පාසල් වාරය ජනවාරි මස 11 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකළා කර ඇති පොලිස් බළ ප්‍රදේශවල පිහිටි පාසල් එදිනට විවෘත නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.
නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල් වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කෙරෙනු ඇති.