වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 10 සිට ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා පෙරවරු 4 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද සහ හැඳල මාර්ගයේ කොටසකට ජල සැපයුම අත්හිටවනු ලබනවා.