වයඹ අවධානම් ප්‍රදේශ කිහිපයක පාසල් වැසේ.

November 20, 2020 at 10:11 pm | LankaTAB
වයඹ අවධානම් ප්‍රදේශ කිහිපයක පාසල් වැසේ.

වයඹ පළාතේ අවධානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල පාසල් එළැ‍ඹෙන සඳුදා ආරම්භ නොකරන බව එම පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කළා.

බස්නාහිර හැර සෙසු පළාත්වල පාසැල් එළඹෙන 23 වන සඳුදා දින විවෘත කිරීමට රජය පසුගිය දා තීරණය කරනු ලැබුවත් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල පවතින පාසැල් ආරම්භය සතියකින් කල්දැමීමට තීරණය කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

ඒ අනුව,

කුරුණෑගල මහනගර සභා ප්‍රදේශය
කුරුණෑගල වෛද්‍ය නිලධාරී කොට්ඨාසය
මල්ලවපිටිය
කුලියාපිටිය නගර සභා සීමාව හා මධ්‍ය මහා විද්‍යාලය
කනදුල්ල මහා විද්‍යාලය
දියකලමුල්ල මහා විද්‍යාලය
පන්නල නගර සභා සීමාව හා ඊරියගොල්ල
නාරම්මල නගර සීමාව
මහව ගජනැග්ගම, අඹගස්වැව, බලල්ල, යාපහුව සහ මහව විජයබා විදුහල විවෘත කිරීම සතියකින් කල්දමා තිබෙනවා.

Leave a Comment

Related News