ව්‍යාජ මුදල් නොට්ටු ළගතබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නොට්ටු ළගතබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු ගොකරැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටිටර් රථයක් නවතා පුද්ගලයන් දෙදෙනෙකු පරික්ෂා කිරිමේ දි ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු සියයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ .
එම ව්‍යාජ මුදල් නෝට්ටු උත්සවය සමය තුළ විවිධ ප්‍රදේශවල සංසරණය කිරිමට සැලසුම් කර ඇති අතර නොට්ටු මුද්‍රණය කළ ස්ථානය සොයා ගොකරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය සහ ගොකරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි .