ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ලද තොරතුරක් මත බියගම යබරළුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සතුව තිබී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කිරීමෙන් ලබා ගන්නා ලද වලංගු මුදල් රුපියල් 33,250 ක මුදලක් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදාගත් වර්ණ ස්කෑනර් යන්ත්‍රයක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇති බවද සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 26, 42 සහ 48 හැවිරිදි පුද්ගලයින් වන අතර මොවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.