වැලිකන්ද සහ රඹැව ප්රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවයි
එල්ල වී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් වැලිකන්ද සහ රඹැව ප්රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව වැලිකන්ද ප්රාදේශීය සභාවේ සභාපති පියතිස්ස ගමගේ ප්රියන්ත කවිදු අබේසූරිය මහතාගේ සභාපති ධුරය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීමට සහ එහි බලතල ක්රියාත්මක කිරීමට පොළොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජනයිඩ් මොහොමඩ් අමීන් මහතාට නියෝග කර ඇති බව ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සදහන්.
ඊට අමතරව වැලිකන්ද ප්රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් වරදක් සිදුකර ඇති ද යන්න මාස තුනක් ඇතුළත පරික්ෂා කර වාර්තා කිරීම සදහා විශ්රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්රමආරච්චි මහතා පත් කර තිබෙනවා.
මේ අතර රඹැව ප්රාදේශීය සභාවේ සභාපති අජිත් ප්රසන්න තෙන්නකෝන් මහතාගේ සභාපති ධුරය ද වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීමට හා එහි බලතල ක්රියාත්මක කිරීමට රඹැව ප්රාදේශීය සභාවේ උපසභාපති සාලිඹුගේ තයිබු මහතා පත් කර ඇති බවයි උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
රඹෑව ප්රාදේශීය සභාවේ සභාපති අජිත් ප්රසන්න මහතා කිසියම් වරදක් සිදුකර ඇති දැයි යන්න මාස තුනක කාලසීමාවක් තුළ පරික්ෂා කර වාර්තා කිරීම සදහා විශ්රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්රමාරච්චි මහතා පත් කර තිබෙනවා.