විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට

November 28, 2020 at 11:02 am | LankaTAB
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

එම පිරිස ගුවන් යානා 05කින් අද අළුයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජයේ සිට 76 දෙනෙකු, අබුඩාබි හි සිට 42 දෙනෙකු, දෝහා කටාර් හි සිට 96 දෙනෙකු සහ ඉන්දියාවේ සිට 53 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

Leave a Comment

Related News