විපක්ෂ නායක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

November 15, 2020 at 9:20 pm | LankaTAB
විපක්ෂ නායක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් (Sarah Hulton) මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය. විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ එහිදී ද්වීපාර්ශවීය කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ අතර විශේෂයෙන්ම කොරෝනා ව්‍යසනය සහ එහි අභියෝග පිළිබඳවත් සාකච්ඡාවට ගත් බවයි.

රටක් ලෙස කොරෝනා ව්‍යසනය පරාජය කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිත සහයක් විපක්ෂය ලෙස ලබා දෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් පක්ෂ පාට භේද නොසලකා, නූතන නවීන විපක්ෂයක් ලෙස තමන් කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මහකොමසාරිස්වරියට අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් කොරෝනා මර්ධන ව්‍යාපාරය තුල ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු පිළිබඳව තමන් නිරන්තරයෙන්ම අවධානය යොමුකරන බවත් ඒ අඩුපාඩු පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථක කොට ජන ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පැවසීය.

මේ අවස්‍ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද එක්ව තිබේ.

Leave a Comment

Related News