විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු ගැනමූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසරදීම පිළිබඳ නියෝගය හෙට
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෑතකදී නිකුත් කළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසරදීම පිළිබඳ නියෝගය හෙට ප්‍රකාශට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබෙනවා.
පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එස්.තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ තුන්වන දිනටත් සලකා බැලුණා.
එහිදී පෙත්සම් හා වගඋත්තරකාර පාර්ශ්වවල දේශන ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් 42ක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එහි සභාපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.