විෂබීජනාශක අත් පිරිසිදුකාරක සදහා නව නීති

January 2, 2021 at 11:25 am | LankaTAB
විෂබීජනාශක අත් පිරිසිදුකාරක සදහා නව නීති

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක අත් පිරිසිදුකාරක ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තීරණය කර තිබෙනවා.

ලබන පෙබරවාරි මස පළමු වැනි දින සිට අදාළ තහනම ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ.

ඒ අනුව පෙබරවාරි මස පළමු වැනි දින සිට සියලු දෑත් පිරිසිදු කාරක ඇසුරුම්වල හෝ බහාලුම්වල ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි අංකය ප්‍රකටව පෙනෙන ආකාරයෙන් සදහන් කළ යුතු වනවා.

ලියාපදිංචි කර නොමැති දෑත් පිරිසිදුකාරක ආනයනය, නිෂ්පාදනය, ගඩබා කිරීම, බෙදාහැරීම සහ විකිණීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පෙබරවාරි මස පළමු වැනි දිනෙන් පසු නිතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

Leave a Comment

Related News