ශ්‍රී ලාංකිකයන්ට අද සිට එංගලන්තයට යාමට ස්වයං නිරෝධායනය අවශ්‍ය නෑ
අද සිට මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව එංගලන්තයට ඇතුළු වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක් කිරීම හේතුවෙන්.
ඒ අනුව එරට වේලාවෙන් අද අලුයම හතරේ සිට ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතිනවා.
ශ්‍රී ලංකාවට අමතරව එක්සත් රාජධානිය විසින් ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.