ශිෂ්‍යත්ව – නව පාසල් සදහා ඉල්ලුම් කිරිමේ අවසන් දිනය මෙම මස 10 වෙනිදා

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අයදුම්පත් කැඳවනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව අදාළ අයදුම්පත් ලබන 10 වන දිනට පෙර පෙර සිසුවා විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදිය යුතුය.
එම අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් මව්පියන්ට ලබාගැනීමේ හැකියාව පවතින අතර
කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් වසාදමා ඇති සියලු ප්‍රදේශවල සිසුන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අදාළ කලාප අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.