සංචරණ තොරතුරු සඳහා QR තාක්ෂණය

November 21, 2020 at 8:42 am | LankaTAB
සංචරණ තොරතුරු සඳහා QR තාක්ෂණය

පවතින වසංගත තත්ත්වය මත ජනතාව නිතර ගැවසෙන වෙළඳසැල් ආයතන බොහොම අවදානම්. වෛරසය පැතිර යාමේ ඉඩකඩ සෑහෙන්න ඉහළයි. මේ නිසා, ඒ ඒ ආයතන වලට ආගිය පුද්ගලයන් පිළිබඳව සටහනක් අවශ්‍ය වෙනවා. ආයතනය ඉදිරියේ, පොතක නම, ලිපිනය, දුරකතන අංකය සදහන් කිරීම දැන් හුරුපුරුදු දසුනක්. නමුත් මේ හරහා පෞද්ගලික දත්ත නාදුනන අය වෙත යාම වැළැක්විය නොහැකියි. ලෝකයේ බොහෝ රටවල් මෙම දත්ත රැස් කිරිම වෙනුවෙන් දියුණු තාක්ෂණික ක්‍රමවේද වල සහාය ලබා ගන්නවා. සිංගප්පූරුව, චීනය, එක්සත් රාජධානිය වැනි රටවල් මේ සංචරණ දත්ත රැස් කිරිම සඳහා සාර්ථක ලෙසින් භාවිතා කළේ “QR කෝඩ්” තාක්ෂණයයි. එය දැන් ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයෙන් සකස්කර ඉදිරිපත් කරමින් ක්‍රියාත්මක වෙනවා. සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය යනුවෙනුයි එය නම් කර තිබෙන්නේ.

වැඩි විස්තර මෙතනින්…

Leave a Comment

Related News