සමථ මණ්ඩල කටයුතු ජනවාරි 09 වනදා සිට යළි ආරම්භ කෙරේ
Covid-19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු සමථ මණ්ඩල කටයුතු ජනවාරි 09 වනදා සිට යළි ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශ්‍ය තීරණය කර තිබෙනවා.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදි අදාළ තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
සමථ මණ්ඩල කටයුතු ආරම්භ කළ පසු ඉඩම් හා මුල්‍යමය ආරවුල් විසදීම සදහා දිස්ත්‍රික් මටිටමින් වෙන වෙනම නව සමථ මණ්ඩල පිහිටුවීමට එහිදි තීරණය වි තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පළමුව විශේෂ මුල්‍යමය ආරවුල් පිළිබද සමථ මණ්ඩල පිහිටුවීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශය සදහන් කළා.
මසකට දින හතරක් සමථ මණ්ඩල කටයුතු සිදු වන අතර එම සංඛ්‍යාව දින 06 ක් දක්වා වැඩි කිරීමට ද අදාළ සාකච්ඡාවේදී තීරණය වු බවයි එම අමාත්‍යංශය පැවසුවේ.