සීදුව රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරින් 14 දෙනෙකුට Covid-19 ආසාදනය වේ.
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය දයාන් සමරසේකර මහතා පැවසුවේ අද දිනයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි මෙම ආසාදිතයින් හදුනාගත් බවයි.
රද්දොළුගම පොලිස්ථානයේ නිලධාරියෙකුට හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ හදුනාගෙන තිබුණා.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ සියලු නිලධාරින් සහ ආශ්‍රිතයින් අද රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණ සදහා ලක්කර ඇති අතර එහිදි ඉන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි වෛද්‍ය දයාන් සමරසේකර මහතා පැවසුවේ.