සේනා දළඹු උවදුර සොයන්න ජනපති අනුරාධපුර සංචාරයක

December 27, 2020 at 8:10 am | LankaTAB
සේනා දළඹු උවදුර සොයන්න ජනපති අනුරාධපුර සංචාරයක

සේනා දළඹු උවදුර පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඇලයාපත්තුව, පහළගම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී දළඹුවාගෙන් බඩඉරිගු වගාවකට සිදුව තිබූ හානිය ජනාධිපතිවරයා විසින් සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

සේනා දළඹු උවදුරෙන් බඩඉරිගු වගාවට සිදුවූ හානිය හේතුවෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවිහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

මේ වසරේද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති බැවින් අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහල වැටී ඇති බව ගොවීන් ජනාධිපතිවරයාට පෙන්වාදී තිබෙනවා.

වගාබිම්වලට ඇති වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් එහිදී ජනාධිපති වරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

Leave a Comment

Related News