සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වේ
පෙරවරු 10.00 සිට පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමට හැකියාව පවතින අතර එහිදී අසනු ලබන ප්‍රශ්න සංඛ්‍යාව 10 කට සීමා කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට සහ පාර්ලිමේන්තුවේ වෙනත් අංශවල 09 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති පසුබිමක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන්.
එහිදී තීරණව කෙරුණේ අද සිට සිකුරාදා දක්වා මෙම සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්විමට නියමිතව තිබුණද සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ සභාවාර අඩකට පමණක් සීමා කිරීමටයි.
ඒ අනුව මෙම සතිය තුළ දින 04 න් අද සහ හෙට පමණක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.