හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වේ.

December 6, 2020 at 1:08 pm | LankaTAB
හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වේ.

හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතියෙකු පැවසුවේ.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ටී.බී ඒකනායක මහතා මියයන විට 66 වන වියේ පසුවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වු ඔහු 1994 වසරේ කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.

Leave a Comment

Related News