හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එවකට හමුදාපති ධුරය දැරූ ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් සැකකරුවකු සම්බන්ධයෙන් විමසීම පිළිබඳව ජනාධිපති කොමිසම ඊයේ දිනයේ සාක්ෂි විමසුවා. හිටපු යුද හමුදාපතිවරයා ඊට සම්බන්ධ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි al-Adha නගරයේ සිට අන්තර්ජාල තාක්ෂණය හරහා ය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ – ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසියම් තැනැත්තෙකු ඔබා මතා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසුවේ ද?
විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක – ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ එවකට අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන් මහතා දුරකථනයෙන් මට කතා කළා. දෙහිවලින් අහමඩ් කියලා කෙනෙක්ව අත්අඩංගුවට ගත්තා ද කියලා ඇහුවා. පළවෙනි පාර මම කිව්වා, “මම එහෙම දෙයක් ගැන තාම දැනුවත් වෙලා නැහැ හොයලා බලලා කියන්නම්” කියලා. පැය කිහිපයකින් නැවතත් කතා කරලා ඒ සැකකරු ගැනම ඇහුවා. ඇමැතිවරයා ඒ වෙලාවේ මට කිව්වා “ඒ අත්අඩංගුවට ගෙන තියෙන දරුවා, මගේ යටතේ තියෙන අමාත්‍යාංශයක හෝ දෙපාර්තුමේන්තුව ලේකම්වරයෙක් හෝ සම්බන්ධී කාරයෙක්ගේ පුතෙක්. මොකක්ද කරන්න පුළුවන් බලන්න” කියලා. ඒ වෙද්දිත් මම ලොකු විස්තරයක් දැනුවත් වෙලා තිබුණේ නැහැ..පස්සේ තුන්වෙනි පාරටත් කතාකළා. එම අවස්ථාවේ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානින් ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන දැනුවත් කරලා තිබුණේ. ඒ නිසා මම සැරෙන් කිව්වා “ඔබතුමා මට දැන් නෙමේ තව අවුරුදු එක හමාරකින් කතා කරන්න” කියලා.
සභාපති අභියාචනාධිකරණ විනිසුරු – ඇයි ඔබ ඒ අවස්ථාවේදී ආවේගයෙන් කතා කළේ?
විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක – ඒක රටම ගිනි අරගෙන තිබුණු වෙලාවක්. කවුරුත් හරියට පාලනය කළේ නැහැ. ඒක නිසා මම යම් ආවේග කින් තමයි රාජකාරි වලට භටයින් යෙදෙව්වේ. එවැනි වෙලාවක ඒ අහපු ප්‍රශ්නය මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබුණ දෙයක් නෙවෙයි.
කොමිසමේ සභාපති විනිසුරු – මොකක්ද ඔබ සිද්ධියෙන් පස්සේත් කවුරුත් පාලනය කළේ නැහැ කියන එකෙන් අදහස් කලේ?
විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක – ප්‍රහාරයෙන් පස්සෙත් සංවිධානාත්මක විදිහට පාලනය ක්‍රියාත්මක වුණේ නැහැ ස්වාමීනි. සෑම දෙයක්ම සිදු වුණේ හමුදාව අතින්.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ – ඔබ සිතන විදිහට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එවැනි දුරකථන ඇමතුම් කිහිපයක් ඔබට ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ කුමක්ද?
විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක – යම් අත්අඩංගුවට ගැනීමට පස්සේ යම් කෙනෙක් පොලීසියට හෝ හමුදාවට කතා කරනවානම්, ඒ කතා කරන්නෙ මුදා ගැනීමකට. එතුමාගේ යටිහිතෙත් එහෙම දෙයක් තියෙන්න ඇති. නමුත් වගකිවයුතු නිලධාරියෙක් හැටියට ඒ වෙලාවේ මගෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.