හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහබාගේ – වැලිසර ප්‍රදේශයේදී මහබාගේ පොලිසිය විසින් සිදුකළ වැටලිමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සහ සැකකාරිය හෙරොයින් පැකට් කරමින් සිට ඇති බව පොලීසිය සදහන් කළා.
සැකකරුවන් 26 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.