2020 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු
ඒ අනුව සිංහල මාධ්‍ය යටතේ කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව ඇති කඩඉම් ලකුණු සීමාව 193ක්.
මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 192ක ලකුණු සීමාවක් ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
කොළඹ ආන්නද විද්‍යාලයට සහ කුරුණැගල මලියදේව පිරිමි විද්‍යාලය සදහා මෙවර ශිෂ්‍යත්ව විගයෙන් ලබා දී ඇති කඩඉම් ලකුණු සීමාව 191ක්.
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ලකුණු 190ක සීමාවක් සහ කොළඹ නාලන්දා විද්‍යාලයට ලකුණු 189ක සීමාවක් ලබාදී තිබෙනවා.
මේ අතර සිංහල මාධ්‍යයේ කාන්තා පාසල් සදහා වැඩිම ලකුණු සීමාව වන ලකුණු 194 සීමාව කොළඹ විශාඛා විද්‍යාලයට හිමිව තිබෙනවා.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයට සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට හිමිව ඇති කඩඉම් ලකුණු සීමාව 191ක්.
මහනුවර මහමායා විද්‍යාලයට ලකුණු 190ක සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලකුණු 189ක සීමාවක් හිමිව තිබෙනවා.