2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ගැන අමාත්‍ය වරයාට ගැටලුවක්
2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරිමේ ක්‍රමවේදය පිළිබඳව අධ්‍යාපන බලධාරින් කඩිනමින් පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනප්‍රිය පාසල් වර්ගීකරණය කර ඒ සඳහා කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන ක්‍රමවේදයේ කිසිදු විනිවිදභාවයක් නොමැති බවයි.