2021 අය වැය යෝජනා දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

November 21, 2020 at 8:58 am | LankaTAB
2021 අය වැය යෝජනා දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය වාර්තාව පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 75 වන අයවැය ප්‍රකාශනයේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර අද පස්වරු 05.00ට එහි ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

පසුව අයවැය කරක සභා අවස්ථාව හෙවත් අවවැය තුන්වනවර කියවීම ලබන 23 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වෙනවා.
එදින පස්වරු 05.00ට අයවැය තුන්වන වර කියවීම පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය

Leave a Comment

Related News